කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිලිවෙලක් අරඹා තිබෙනවා.
ඒ අනුව කොලඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ෂාව අවසන් කොට නිදහස් කර තිබෙන බව සදහන්.
රේගුවෙන් දිනකට පරීක්ෂා කළ බහලුම් 500 ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙලෙස පහත මට්ටමක පැවතුන බවයි පැවසෙන්නේ.
අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.
අද දින නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතු වල යෙදෙන බවයි ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ .