චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.
ලබන 17 වැනිදා දක්වා චීනයේ රැඳී සිටින ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා,අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් රැසක් හමුවි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වීමට නියමිතයි.