ඇෆ්ගනිස්තානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමටත්, එරට ත්‍රස්තවාදය තුරන් කිරීමටත් සහාය දෙන ලෙස චීනය ඉල්ලයි

Published on

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීම සහ මානුෂීය සහනාධාර සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීම වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය මත ඇෆ්ගනිස්ථානයේ මිලියන 24කට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය නමුත් මේ වසරේ මානුෂීය සහානාධාර අරමුදල්වලින් ලැබී ඇත්තේ අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ඇෆ්ගන් ජනතාවට අයත් විදේශීය වත්කම් කොන්දේසි විරහිතව අත්හිටුවා සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටීමට ද චීනය මෙහිදී පියවර ගෙන තිබීම කැපී පෙනෙන්නක්.

තවද, අදාළ රටවල් කොන්දේසි විරහිතව නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කර ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමට සහාය විය යුතු බව ද චීන නියෝජිතවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, ත්‍රස්තවාදයේ මර්මස්ථාන මුලිනුපුටා දැමීමට සහ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී සංවිධාන එක්රැස්වන ස්ථානයක් බවට යළි පත්වීම වැළැක්වීමට ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයෙන් ද ඉල්ලා සිටින බවයි Fu Cong මහතා මෙහිදී පවසා ඇත්තේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...