පාඨලී චම්පික හාල් පොල් මිල යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කරයි

Published on

හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.

අද (11)දින සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.

ඔහු පැවසුවේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බව ද, රණවක මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සිදුවන වංචා සහ හොරකම් පිළිබඳව ද ආණ්ඩුවට චෝදනා කළ මෙතුමා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්, ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙසයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රණවක මහතා, ඉඩම් කට්ටි කිරීම, රිලවුන් සහ දඬු ලේන්නුන් වැනි සාධකවලට අමතරව, පොල් තෙල් නිෂ්පාදනයේදී සිදුවන අධික හානිය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැවසීය.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this