ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන බැවින් ඔවුන් යටතේ ඇති අමාත්‍යාංශ සඳහා වැඩ බලන අමාත්‍යාවරුන් පත් කර තිබෙනවා.
ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කර ඇති බව සදහන්.
මුදල් වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර ඇති අතර විදේශ කටයුතු වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර තිබෙනවා.
මීට අමතරව ප්‍රවාහන වැඩබලන අමාත්‍ය ලෙස නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පත්කර ඇති බව සදහන්.