දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගැනීමට තැත් කරයි

Published on

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Kim Yong අඟහරුවාදා අගභාගයේදී හමුදා නීතිය කෙටිකාලීන පැනවීමෙන් පසු “අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම සඳහා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම” ඇතුළු විවිධ චෝදනා මත නිල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අත්අඩංගුවට ගැනීමට ටික වේලාවකට පෙර කිම් මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.

සාක්ෂි විනාශ විය හැකි බවට ඇති කනස්සල්ල මධ්‍යයේ කිම් මහතා මෙසේ අත්අඩංගුවට ගත් බවයි සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ ප්‍රකාශකයෙකු පෙර දින AFP වෙත පැවසුවේ.

ඉරිදා අත්අඩංගුවට පත් වන විට කිම් මහතාට හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ යුද නීති මෙහෙයුම භාර ජෙනරාල්වරයා සමඟ සංචාරක තහනමක්ද පනවායි තිබුනේ.

එමෙන්ම කොරියානු ජාතික පොලිස් ඒජන්සියේ කොමසාරිස් ජනරාල් චෝ ජි-හෝ සහ සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සියේ ප්‍රධානී කිම් බොං-සික් ද බදාදා අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර ජනාධිපති යූන් සූක් යෙයෝල්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම පිළිබඳ පරීක්ෂණ වේගවත් වන හෙයින්, ඔවුන් ඔහුගේ කාර්යාලය වටලා ඇති බවයි දකුණු කොරියානු පොලිසියසඳහන් කරන්නේ.

“විශේෂ විමර්ශන කණ්ඩායම ජනාධිපති කාර්යාලය, ජාතික පොලිස් ඒජන්සිය, සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සිය සහ ජාතික සභා ආරක්ෂක සේවය වැටලීමක් කර ඇත,” යනුවෙනුයි එම ඒකකය AFP වෙත යවන ලද පණිවිඩයක සඳහන්ව තිබුණේ.

දෙසැම්බර් 3 වන දින කෙටි කාලීන සිවිල් පාලනය අත්හිටුවීමෙන් පසු යූන් මහතා ඔහුගේ අභ්‍යන්තර කවය තුළ “කැරැල්ල” පරීක්ෂණයක කොටසක් ලෙස දැනටමත් සංචාරක තහනමක් යටතේ සිටින බවද සඳහන්.

ජනාධිපතිවරයා කෙටිකාලීන යුද නීතිය පැනවීම සම්බන්ධයෙන් කැරලි චෝදනා මත අපරාධ විමර්ශනයට ලක්වන නමුත් ඔහුව තවමත් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නොමැති බවයි කියන්නේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...