ඊශ්‍රායලයෙන් සිරියාවට ඉලක්කගත ප්‍රහාරයක් – වාරායටත් විශාල හානි සිදු වෙයි

Published on

ඊශ්‍රායලය විසින් සිරියාවේ අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරවලින් නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලය සිරියාව වෙත ගුවන් ප්‍රහාර 350කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් වරායටද විශාල හානියක් සිදුව තිබෙන බවයි කියන්නේ.

සිය රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම තම ඉලක්කය බවත් සිරියානු බලඇණිය විනාශ කිරීමේ මෙහෙයුම ඉතා සාර්ථක බවත් ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා තිබුණා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරා හි ගුවන් තොටුපොළවල, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත පහර දී ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this