ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා එල්ල කරමින් පනවා තිබූ තරඟ තහනම මාස 03 දක්වා ලිහිල් කර ඇති බවට ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.
නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවට කැඳව තිබු අතර එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට ඔහු විසින් පිළිගනු ලැබු බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සැප්තැම්බරයේදී තීරණය කරනු ලැබුවේ ඔහුට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමටයි.