දෙස් විදෙස් ආකර්ශනයට ලක් වූ ආරුක්කු නමය පාලමේ ජල කාන්දුවක්?

Published on

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව පවසනවා.

අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව දැක ගැනීමට හැකි වන බව සඳහන්.

එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා සඳහන් කළේ අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමක දී පවසා සිටියා.

මේ අතර ඇල්ල, ආරුක්කු 9 පාලම ආසන්නයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා එහි අනවසර ඉදිකිරීම් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉඳි කර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් ලෙස සැලකෙනවා.

Latest articles

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

More like this