දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

Published on

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා.

දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

රාත්‍රී කාලයේ දී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this