පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව බණ්ඩාරගම – කිදෙල්පිටිය ප්‍රදේශයේ දී එසේ පොලිසිය සිය භාරයට ගෙන තිබුණේ අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි 4ක් සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සවිකර ධාවනය කරන ලද යතුරුපැදි 15ක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 21ක සහ 23 අතර වයස් වල පසුවන්නන් වේ.
එමෙන්ම අතුරුගිරිය සහ ගල්කිස්ස පොලිස් වසම් තුළ මාර්ග නීති කඩකළ සහ බීමත්ව රිය පැඳවූ යතුරුපැදි සහ මෝටර් රථ 70කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.