සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

Published on

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

ඔහු මෙම ප්‍රතිඥාව ලබා දී ඇත්තේ සිය දෙවන ධුර කාලයේ සෞදි අරාබිය සිදු කළ පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදීයි.

මෙහිදී ට්‍රම්ප් සෞදි අරාබිය සමග ඩොලර් බිලියන 142කට ආසන්න අවි ගනුදෙනුවක් ද සිදු කිරීමට අදාළ ගිවිසුමටද අත්සන් කර ඇති බව සඳහන්.

ඉතිහාසයේ “විශාලතම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම” ලෙසයි ට්‍රම්ප් පරිපාලනය එන හඳුන්වා ඇත්තේ.

ඒ අනුව මෙම අවි ආයුධ පැකේජයට ගුවන් සහ මිසයිල ආරක්ෂක ඇතුළු අංශවල ඇමරිකානු ආරක්ෂක සමාගම් දුසිමකට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ ගනුදෙනු ඇතුළත් වනවා.

එමෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයා සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් හමුවීමෙන් අනතුරුව පවසා ඇත්තේ සෞදි අරාබිය තරම් ශක්තිමත් සහකරුවෙකු‍ සිය රටට නොමැති බවයි.

සිය සිව්දින සංචාරය අනතරතුර ට්‍රම්ප්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතද ගමන් කිරීමට නියමිත තිබෙනවා.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this