පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Published on

2025 මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දදායකයයන් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ අනුව ,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති හැඳුනුම්පත,

වලංගු විදේශ ගමන් බලපත්‍රය,

වලංගු රියදුරු බලපත්‍රය,

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත,

වැඩිහිටි හැඳුනුම්පත,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පුජ්‍ය පුජක හැඳුනුම්පත,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම් පතේ තොරතුරු සටහන් කිරීමේ ඡායාරූපය සහිත ලේඛනය,

මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත,

මැතිවරණ කොමිසන් සභාව විසින් අබාධිත පුද්ගලයින් සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත,

මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ඡායාරූපය සහිත තාවකාලික රියදුරු බලපත්‍රය

ආදිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි වලංගු අනන්‍යතා ලේඛන ලෙස ප්‍රයෝජනයට ගත හැකි බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඡන්දය දිය යුතු පිළිවෙල පිළිබඳවද මෙහිදී පැහැදිලි කළ සභාපතිවරයා කියා සිටියේ සෑම ඡන්දදායකයෙකුටම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බවයි.

එහිදී තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ සලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ X ලකුණ යොදා ඡන්දය යෙදිය යුතු බවද ඔහු පැවසුවා.

එසේම ඡන්ද පත්‍රිකාවේ එක කතිරයට වඩා යොදා තිබීමෙන් හෝ, වෙනත් කිසියම් සලකුණක් හෝ වෙනත් යම් දෙයක් ලිවීමක් තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වීමට හේතු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ.

Latest articles

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

More like this