ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට අවශ්‍යය තාක්ෂණික හා අනෙකුත් සහය ලබාදීමට අමෙරිකානු රජය කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපනිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අද (09)දින කොළඹ 07, අර්නස්ට් සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යංශ කාර්යාලයේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සමග පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී තානාපතිතුමිය වැඩි දුරටත් සඳහන් කළේ ඉහළම ජනප්රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් ඒ සදහා අමෙරිකානු රජයේ සහය ලැබෙනු ඇති බවත්ය.
ඇය විසින් නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට මෙහිදී සුබ පැතුම් එක් කිරීම ද විශේෂත්වයක්.
එමෙන්ම දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවයි සඳහන් කරන්නේ.
අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය හා බල ශක්තිය පිළිබද දැක්ම මෙහිදී විස්තර කළ අතර විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලි බල ක්ෂේත්රය සදහා අමෙරිකානු රජයේ සහය අපේක්ෂා කරන බව ද සුවිශේෂි මිතුරු රටක් ලෙස ඇමරිකානු මිත්‍රත්වය සහ සහය ඉහළින්ම අගය කරන බව ද ප්‍රකාශ කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම හමුවට ඇමරිකානු තානාපතිනියට අමතරව USAID ආර්ථික සංවර්ධන කාර්යාලයේ ව්‍යාපෘති සංවර්ධන විශේෂඥ රොසෑන් කෲස් මොරායස්(Rozanne Croos Moraes) (USAID Project Development Specialist (Energy) Office of Economic Growth) මහත්මිය ද, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය K.T.M. උදයංග හේමපාල, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.A. රාජකරුණා, ඛනිජ තෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ යන මහත්වරුන් සමඟ විදුලි හා විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා ද සහභාගි වී තිබෙනවා.