ජන හා සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.
පසුගිය කාලයේදී යල කන්නයෙන් සහ මහ කන්නයෙන් ලබාගත් වී මෙට්ට්‍රික් ටොන් 44,000 ක් රට තුළ පැවතිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
මහාචාර්යා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින සහල් ඒකාධිකාරයට පැවති කිසිදු රජයකින් පිළියම් යෙදීමට කටයුතු නොකළ බවයි.
රට තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරාවටම වී මිලදී නොගැනීම සහ අදාළ බලධාරින් වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් බවයි අරුණ කුමාර මහතා පැවසුවේ.