හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇපමත මුදාහැරීමට කොටුව අධිකරණයෙන් නියම කර තිබෙනවා.
ඔහු රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනුයි කොල්ලුපිටිය පොලිසිය විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.
එහිදී අනතුරට ලක්වූ අනෙක් රථයේ සිටි නීතිඥ අකලංක උක්වත්තට සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේ වෙතත් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.
ඒ අනුව අධිකරණය නියම කළේ ලොහාන් රත්වත්තේ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.