මීතොටමුල්ලේ කන්ටේනරයක තිබී අති නවීන පිස්තෝලයක් සොයාගැනේ

Published on

මීතොටමුල්ලේ කන්ටේනරයක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත අති නවීන පිස්තෝල අවියක් හා එම පිස්තෝල අවියට යොදා ගන්නා මැගසින් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (08) දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කාර්යාලය පිටුපසයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

එහිදී එම කාර්යාලය පිටුපස රඳවා තබා ඇති කන්ටේනර් බහාලුමක් යට සඟවා තිබියදීයි මෙම සැකකරුවෙකු නොමැති අවි සොයා ගෙන ඇත්තේ.

ඒ අනුව නිලධාරීන් පැවසුවේ මෙම අවි යම් අපරාධයක් සිදු කිරීමේ අදහසින් මෙසේ සඟවා තබන්නට ඇති බවයි.

කෙසේ නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම භාණ්ඩ වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this