පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලයි

Published on

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව කියයි.

ඒ නීතිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුයේ එම මැතිවරණය පැවැත්වීමට අදාළව නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණයට අදාළව කලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇතිනම් එය කඩිනමින් කරන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

එම කොමිෂන් සභාව පවසන්නේ පරණ නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත කරගත යුතු වන බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාලව කැඳවූ පැරණි නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරන බවට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණයක් ගෙන තිබුණු අතර එම තීරණය රජය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය සතියේ දී නිල වශයෙන් දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවයි රත්නායක මහතා පැවසුයේ.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබු අතර ඒ අනුව එම මැතිවරණයට අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත් වුවා.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහායි මෙම පිරිස ඉදිරිපත් වී සිටියේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුයේ එම නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක්ද සිටින අතර එම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බවයි.

ඒ අනුව ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේ වේ.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this