සිරියාවේ කැරලිකරුවන් ඩාරා නගරයත් අල්ලා ගනී

Published on

සිරියාවේ කැරලිකරුවන් විසින් එරට ඩාරා නගරය ද යටත් කරගෙන ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එරට ජනාධිපති බෂාර් අල්-අසාඩ් එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන්.

ජෝර්දාන දේශසීමාවට ආසන්න මෙම නගරයේ 100,000ක පමණ ජනගහනයක් වෙසෙන අතර ඩාරා සිට සිරියාවේ අගනගරය වන ඩමස්කස් නගරයට ඇත්තේ කිලෝ මීටර් 100ක පමණ දුරකි.

ඩාරා නගරයේ සිටි හමුදා නිලධාරීන්ට පසුබැසීමට හැකිවන ලෙස අවස්ථාව ලබා දීමට කැරලිකරුවන් එකඟ වී තිබුණු බව සඳහන්.

මේ අනුව සතියක් තුළදී එරට පාලනයෙන් ගිලිහුණු සිව් වැනි නගරය මෙය වන අතර ඇලෙප්පෝ සහ හමා යන නගර ද මීට පෙරදී කැරලිකරුවන් විසින් යටත් කරගෙන තිබුණා.

එම නගරවල කැරලිකරුවන්ගේ මූලස්ථාන ඉලක්ක කර රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කැරලිකරුවන් 200 ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ.

කැරලිකරුවන් විසින් සිය මෙහෙයුම් පසුගිය නොවැම්බර් 27 වනදා යළි ආරම්භ කළ අතර එරට තවත් ප්‍රධාන නගරයක් වන හොම්ස් ද බොහෝදුරට කැරලිකරුවන් ග්‍රහණයට පත්වෙනු ඇතැයි අනුමාන කරනවා.

මෙවන් පසුබිමක, 2011 සිට 2021 දක්වා සිරියාව තුළ සිවිල් යුද තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 305,000ක් පමණ මියගොස් ඇති බවද සඳහන්.

ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සැමවිට ජනාධිපති අසාඩ් ගේ සහයට ඉදිරිපත් වුවද මේ වනවිට ඉරානය, රුසියාව සහ හිස්බුල්ලා සංවිධානය මුහුණ දී සිටින අර්බුද හේතුවෙන් ලැබෙන සහය දුර්වල වී ඇති බවයි පැවසෙන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this