දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

Published on

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වා සිරකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලත් අතර, එම ප්‍රතිකාර තවදුරටත් ලබා දිය යුතුද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබුවා.

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව මෙම සිරකරු තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙස බන්ධනාාර දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා.

ඒ අනුව, දුමින්ද සිල්වා පසුගිය 10 වන දින බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවීමට කටයුතු කළා.

එහි රඳවා සිටින අවස්ථාවේදී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව පසුගිය 11 වනදා අලුයම 02.00 ට පමණ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබුණා.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර නැවත ඊයේ (12 ) දින බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.

සිරකරුගේ ප්‍රතිකාර අවසන් බැවින් නැවත වැලිකඩට ඇතුළු කිරිමට අධිකාරිය කරන ලද විමසීමකට අනුව, සිරකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත්, ඉදිරි ප්‍රතිකාර සම්බන්ධව ලබන 15 දින දැනුම් දෙන බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පවසා තිබෙන බව සඳහන්.

ඒ අනුව ආර්.දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this