ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට සැලසුම් කර තිබෙනවා.
ඔහු ඊයේ (26) දින ධවල මන්දිරයේ දී ප්‍රකාශ කළේ ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන සියළුම මෝටර් රථ සඳහා තීරුබදු පැනවීමේ එම නියෝගයට අත්සන් තබන බවයි.
අප්‍රේල් 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 03 වැනිදා සිට බදු එකතු කිරීම ආරම්භ කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.
එම තීරුබදු පැනවීමෙන් ඇමරිකානු නිෂ්පාදන දිරිමත් කෙරෙන බවත්, රජයට නව ආදායම් උත්පාදනය වන අතර ජාතික ණය අවම කර ගැනීමට එමඟින් හැකි වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ තීරුබදු පැනවීමෙන් මෝටර් රථ මිල ඉහළ නැංවෙන අතර දැනටමත් ඉහළ මිල ගණන්වලට මුහුණ දී සිටින පාරිභෝගිකයින්ට එය හානිකර වනු ඇති බවයි.