ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳට ඇප

Published on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේට අද (05) ඇප ලබා දී තිබෙනවා.
සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එලෙස ඇප නියම කර ඇත්තේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගිය දා සොයා ගනු ලැබූ අතර මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, එය නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාරගත කළේ.

ඉන් පසුව රත්වත්තේ මහතාගේ බිරිඳ ද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මියව ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this