මෙල්බන් විශ්වවිද්‍යාලයේ Dean තනතුරකට හිමිකම් කියූ අපේ ශ්‍රී ලාංකිකයා

Published on

මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය තාස් නිර්මලතාස් මහතා (Professor Thas Nirmalathas) පත්ව තිබෙනවා.

විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය තාස් මේ වන විට ඕස්ට්‍රේලියා ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක්.

එමෙන්ම ඔහු 2024 වසරේ ජනවාරි මස සිට ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩ බලන පීඨාධිපති ලෙස සේවය කර තිබෙන බව සඳහන්.

එසේම ඕස්ට්‍රේලියානු තාක්ෂණ විද්‍යා හා ඉංජිනේරු ඇකඩමියේ සාමාජිකයෙක් වන ඔහු විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) USA සහ Optica USA හි ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් ද වෙනවා.

මහාචාර්ය තාස් නිර්මලතාස් ගේ ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ Thirunavukkarasu Maha Vidiyalayam,, Chavakachcheri Hindu College, හා Jaffna Hindu College යන පාසැල් කිහිපයකින් ලබා ඇති බවයි පැවසෙන්නේ.

උසස් පෙළ හැදෑරීම සදහා ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබෙන අතර පසුව විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

1990 වසරේ මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මහාචාර්යවරයා B.E (Electrical and Electronic) First Class Honours Electrical and Electronic Engineering උපාධිය සම්පූර්ණ කර අනතුරුව එම විශ්වවිද්‍යාලයේම PhD Electrical and Electronic Engineering- Photonics සම්පූර්ණ කර තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this