ඩකාහි අධිකරණයක් විසින් හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම වාර්තා පවසන්නේ ඒ සමඟම ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළ බවයි.
දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යේෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් පසුගිය අඟහරුවාදායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම් ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද අතර ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවයි.
හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් මෙලෙස අත්පත් කරගෙන තිබෙන බව සඳහන්.
රටේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා විසින් අස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකාවල අඛණ්ඩව කරන ලද අසත්‍ය සහ ගොතන ලද අදහස් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් පෙබරවාරි 6 වන දින බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දීය රජයට දැඩි විරෝධයක් පළ කළා.
හසීනා ඉන්දියාවේ සිටින අතරතුර සමාජ මාධ්‍ය සහ අනෙකුත් සන්නිවේදන භාවිතා කරමින් එවැනි “අසත්‍ය, ගොතන ලද සහ ගිනි අවුලුවන ප්‍රකාශ” සිදු කිරීම වැළැක්වීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පදනම් කරගෙන වහාම සුදුසු පියවර ගන්නා ලෙස බංග්ලාදේශය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති බවට එම ප්‍රකාශයේ සඳහන්වෙයි.
අගෝස්තු 5 වන දින, ශිෂ්‍ය නායකත්වයෙන් යුත් ව්‍යාපාරයක් හසීනා බලයෙන් පහ කළ අතර, සති ගණනක් පුරා පැවති විරෝධතා සහ ගැටුම්වලින් 600 කට අධික පිරිසක් මිය ගියා.
එහි දී 77 හැවිරිදි හසීනා ඉන්දියාවට පළා ගිය අතර, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් පිහිටුවනු ලැබූ බව සඳහන්.