බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

Published on

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් අද (14) එකඟතාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය පවසනවා.

මෙම එකකතාවයට පැමිණ ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමක දී යි.

එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂවල මහ ලේකම්වරුන් හෙට (15) දිනයේ දී හමුවීමට නියමිතයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක,හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් .සී දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වී තිබෙනවා.

සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරා තිබෙනවා.

මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේ දී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

More like this