කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

Published on

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේ දී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවයි ශ්‍රී ලංකා රජය පැවසුවේ.

ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුකළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදුකර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේ දී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර මෙම නාමය නැවත තහවුරු කරන ලද්දේ 2024 වසරේ ජුනි මාසයේ දීයි.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කර මීට දින කිහිපයකට පෙර විවෘත කළ අතර ඒ සඳහා අනුමැති දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි ලෙස විරෝධතා පළ කර තිබෙනවා.

බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබූ අතර මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇති කරන්නක් බවයි ශ්‍රී ලංකාව පැවසුවේ.

එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (14) කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කර තිබෙනවා.

මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර, හෑල්ලුවට ද ලක්වන බවයි එම නිවේදනයෙන් වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.

Latest articles

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

More like this