යුක්රේනයේ සටන් අවසන් කිරීමට රුසියානු ජනාධිපති එකඟ වෙයි

Published on

යුක්රේනයේ සටන් අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ වී තිබෙනවා.

ඔහු පවසන්නේ දින 30ක සටන් විරාමයක් පිළිබඳ අදහසට තමන් එකඟ වන නමුත් ඕනෑම සටන් විරාමයක් දිගුකාලීන සාමයකට මඟ පෑදිය යුතු බවත්, ගිවිසුමේ විස්තර සාකච්ඡා කර අර්බුදයේ මූල හේතු ඉවත් කළ යුතු බවයි.

පුටින්ගේ ප්‍රකාශයෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී පවසා ඇත්තේ පුටින්ගේ ප්‍රකාශය පොරොන්දුවක් නමුත් එය “සම්පූර්ණ නොවූ” බවත් රුසියානු නායකයා හමුවීමට හෝ කතා කිරීමට තමා කැමැත්තෙන් සිටින බවත්ය.

එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් මොස්කව්හි රුසියානු නිලධාරීන් සමඟ බරපතල සාකච්ඡාවල නිරත වන බවයි ට්‍රම්ප් පැවසුවේ.

අඟහරුවාදා සෞදි අරාබියේ ජෙඩාහි එක්සත් ජනපද නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව යුක්රේනය යෝජනාව පිළිගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසු, එක්සත් ජනපද සහාය ලත් සැලැස්ම පිළිබඳව පුටින් කළ පළමු අදහස් දැක්වීම මෙයයි.

රැස්වීමෙන් පසුව, තාවකාලිකව නතර කිරීමෙන් පසු කියෙව් සමඟ හමුදා ආධාර සහ බුද්ධි තොරතුරු හුවමාරුව නැවත ආරම්භ කරන බව එක්සත් ජනපදය නිවේදනය කළා.

සටන් විරාමයකට සහාය ලබා දෙන අතරම, පැහැදිලි කිරීමට අවශ්‍ය යැයි පැවසූ කරුණු මාලාවක් ද පුටින් ලැයිස්තුගත කර තිබෙන බව සඳහන්.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this