නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඉතා දුර්ලභ සුදු දේදුන්නක් පායා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මෙම දුර්ලභ සුදු දේදුන්න නිව් සවුත් වේල්ස් හි ක්‍රවුඩි හෙඩ් ප්‍රදේශයේ දිස්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය මීදුම සහ සූර්යාලෝකය එක්ව ඇතිවු තත්ත්වයක් බවයි.
එමෙන්ම මෙය මීදුම හා එක්ව නිර්මාණය වුවක් වන බවත්, මෙම මීදුමෙහි ජල බිඳිති දේදුන්නක ජල බිඳිතිවලට වඩා ඉතා කුඩා වන නිසා මෙය දේදුන්නකට සමාන කළ නොහැකි බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරන්නේ.
තවද එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ජල බිංදු කුඩා වන තරමට එය සුදු පැහැයක් ගන්නා බවත්, වැහි බිංදුව විශාල වන තරමට දේදුන්නෙහි වර්ණ වඩාත් පැහැදිලිව දිස්වන බවයි.