කැනඩාවේ අගමැති ලෙස Mark Carney තේරී පත්වෙයි

Published on

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාක් කාර්නි (Mark Carney) තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව, එරට පාලක පක්ෂයේ නව නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගෙන් පසු අගමැති ධුරයට පත් වනු ඇති.

ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු 59 හැවිරිදි මාක් කාර්නි හිටපු මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කරමිනුයි පක්ෂ නායකයා ලෙස තෝරා පත් කර ගෙන තිබෙන්නේ.

පාක්ෂික සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී, ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්, 59 හැවිරිදි කාර්නි, හිටපු මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කළේය.

කැනඩා සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි මාක් කාර්නි එම රටවල් දෙකෙහි මහ බැංකු අධිපතිවරුන් ලෙස ද කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ දිගුකාලීන මිත්‍රයෙකු වන එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයක් මධ්‍යයේ, කැනඩාවේ කැලඹිලි සහිත කාලයක දීයි කාර්නි බලයට පත්ව ඇත්තේ.

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ඔහුගේ පළමු ප්‍රකාශයේ දී, කානි එක්සත් ජනපදය සමඟ ඇති ආතතීන් ගැන සඳහන් කරමින්, ඔහුගේ රජය “විශ්වාසදායක වෙළඳ හවුල්කරුවන් සමඟ නව වෙළඳ සබඳතා ඇති කරනු ඇත” යනුවෙන් පවසා තිබෙනවා.

“ඇමරිකානුවන් අපට ගෞරවය පෙන්වන තුරු” එක්සත් ජනපදයට පළිගැනීමේ තීරුබදු දිගටම පවත්වාගෙන යාමට ද ඔහු සපථ කර ඇති බව සඳහන්.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this