අත්අඩංගුවේ පසු වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල් නිදහස් කර තිබෙනවා.
ඒ ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුවක් අධිකරණය අවලංගු කිරීමෙන් දිනකට පසුවයි.
නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පසුගිය වසරේ දෙසැම්බර් 03වනදා යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය හමුවේ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක් වුණා.
මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුළා ගැනීමට ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟ ම ආරම්භ වු අතර රටට එරෙහිව කුමන්ත්‍රණය කළ බවටයි ජනාධිපතිවරයාට චෝදනා එල්ල වූයේ.
පසුව ඔහුව ධුරයෙන් ඉවත් කර ජනවාරි 15වනදා බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට පිවිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදූ වුණා.
එලෙස අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට නම් කරන ලෙස ඔහුගේ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහි තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණ බව සඳහන්.
ඔහුව නිදහස් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා අධිකරණයට ස්තූතිවන්ත වන බවයි.
කෙසේ නමුත් යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම තවමත් අත්හිටුවායි ඇත්තේ.