කොරියානු ජනපති යුද නීතිය පැනවීමේ තීරණය අත්හැර දමයි.

Published on

යුද නීතිය පනවමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා නිර්මාණය වීමෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂක අංශවලට එරෙහි වීමෙන් පසු, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් යුද නීතිය පැනවීමේ තීරණය අත්හැර දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යූන්ගේ ප්‍රකාශයෙන් රට තුළ මහත් කැළඹීමක් ඇති වූ අතර, අන්තර්ජාතික ප්‍රජාවේ ද වැඩි අවධානයක් දකුණු කොරියාව වෙත යොමු වී තිබෙන බව සඳහන්.

මෙය දශක හතරකට වැඩි කාලයක් තුළ දකුණු කොරියාවේ යුද නීතිය පැනවූ පළමු අවස්ථාවයි.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ උතුරු කොරියාවෙන් දකුණු කොරියාව ආරක්ෂා කිරීම සඳහා 30,000කට ආසන්න භට පිරිසක් ස්ථානගත කර සිටින ඇමෙරිකාව, මුලින් මෙම ප්‍රකාශය ගැන දැඩි කනස්සල්ල පළකර තිබු අතර පසුව දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය අවසන් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

මෙහිදී දකුණු කොරියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නීති සම්පාදකයන් ආරක්ෂක හමුදා සමඟ පොරබදමින්, ඔවුන්ට නීතිය අවලංගු කිරීමට ඡන්දය දීමට හැකි බව පවසමින්, යූන් “කැරැල්ලට” සම්බන්ධ වීමෙන් වහාම ඉවත් වන ලෙස ආරක්ෂක හමුදාවෙන් ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ නමුත් මේ පිළිබඳ විචාරකයෝ පවසන්නේ මෙම නාට්‍යකාර සිදුවීම, 2022 දී ජනාධිපති ලෙස තේරී පත් වූ ගතානුගතික දේශපාලනඥයකු සහ හිටපු රජයේ අභිචෝදකයකු වන යූන්ගේ දේශපාලන අනාගතය ද අනතුරේ හෙළීමක් බවයි.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this