ගාසා තීරයේ රඳවා සිටින සියළු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානයට ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, කිසිදු හමාස් සාමාජිකයකු ආරක්ෂා නොවන ලෙස මිහිපිටින් තුරන් කරන බවයි ඔහු පවසන්නේ.
ට්‍රම්ප් මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දී වීමද විශේෂත්වයකි.
එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙස හමාස් සංවිධානයට ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.