වෛද්‍යවරුන් දැඩි අවදානයෙන්, පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත්

Published on

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කරන්නේ.

ඊයේ (03) සන්ධ්‍යා කාලයේ දී උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවූ බව වාර්තා වී තිබෙනවා. .

ඒ හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් දැඩි අවදානයෙන් පසුවන බව සඳහන්.

උන්වහන්සේගේ පෙනහළුවල ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවත්වාගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බවයි වතිකානය සඳහන් කරන්නේ.

88 හැවිරිදි පාප් වහන්සේහට යළිත් වරක් ඔක්සිජන් ලබාදීම සිදුකෙරෙන අතර වෙන්ටිලේටර් යන්ත්‍ර ආධාරයෙන් ශ්වසන ක්‍රියාකාරීත්වය සිදුකෙරෙන බවද වාර්තා වනවා.

කෙසේ වුවද උන්වහන්සේ අවදිව, අවදානයෙන් සියලු ක්‍රියාවන්ට සහයෝගය දක්වන බවයි වතිකානය නිවේදනය කරන්නේ.

මීට දින 18ට පෙර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිව්මෝනියා රෝගය හේතුවෙන් රෝහල් ගත කෙරුණා.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this