ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Published on

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරුව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී යි මියගොස් ඇත්තේ.

1964 වසරේදී හම්බන්තොට මුල්කිරිගල දී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසු වූවා.

1986 වසරේ සිට මෙරට කලා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියක් වන සුසන්තා මහත්මිය ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් ගැනීමට සමත් වූ බව නොරහසකි.

ඇයගේ පළමු සිනමා අත්දැකීම වන්නේ සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සරෝජා චිත්‍රපටියයි.

ඊට අමතරව ඇය ජය පිට ජය, රන්කෙවිට, ප්‍රවේගය, නිදහසේ පිය ඩී. එස්. ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.

චාරුලතා, මුතුපලස, කන්දේ ගෙදර, දෙනුවර මැණිකේ, ගිරිකුල, ආදී නිර්මාණයන් සුසන්තා මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයන්ය.

එසේම සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මෑණියන් වේ.

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

අද (1) දින දහවල් 12.30 සිට හෙට දින ප.ව. 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම...

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත්...

ඩොලර් මිලියන 334ක් වූ IMF සිව්වන වාරිකය ලංකාවට හිමිවෙයි

ඩොලර් මිලියන 334ක් වූ සිව්වන වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවයි තීරණය...

පැහැරගෙන යමින් තිබූ ලොරියකට පොලිසියෙන් වෙඩි

පැහැරගෙන යමින් තිබූ ලොරි රථයක් කඩුවෙල ප්‍රදේශයේ දී එම රථයට වෙඩි තබා සිය භාරයට...

More like this