ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Published on

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණේමුල්ලේ සංජීව පසුගිය පෙබරවාරි 19 වන දින අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට විමර්ශන සිදු කරමිනුයි පවතින්නේ.

ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනා ඊයේ (28 ) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 28ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න හා වයස අවුරුදු 31 වන දූනගහ ප්‍රදේශයේ සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත යන අය අපරාධය මෙහෙයවීමට භාවිතා කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Latest articles

හිටපු ජනපති රනිල් ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පවත්වා...

යාල ජාතික උද්‍යානය සංචාරකයින්ට වැසේ

අද (01) සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

අද (1) දින දහවල් 12.30 සිට හෙට දින ප.ව. 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම...

ඩොලර් මිලියන 334ක් වූ IMF සිව්වන වාරිකය ලංකාවට හිමිවෙයි

ඩොලර් මිලියන 334ක් වූ සිව්වන වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවයි තීරණය...

More like this