මධ්‍යම නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
ඒ එරට වේලාවෙන් අද අලුයම 2:51ට පමණයි.
ඉන් එක් අයෙකු තුවාල ලබා නිවාස කිහිපයකට හානි සිදු වූ බවයි ප්‍රාදේශීය නිලධාරියෙක් පවසා ඇත්තේ.
අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බවයි ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එම කම්පනය නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවරට, ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවට වාර්තා සදහන් කරනවා.
භූමිකම්පාවෙන් පොලිස් කාර්යාලයකට ද හානි සිදුවී ඇති අතර බොටෙකෝෂි ග්‍රාමීය මහ නගර සභාවේ නාය යෑමක් ඇති වූ බවද කියයි.
මෙම අපදාවෙන් විශාල කම්පනයක් ඇති වුවද තවමත් විශාල අලාභයක් වාර්තා වී නොමැති අතර භීතියට පත් ජනතාව තම නිවෙස් අතහැර විවෘත ස්ථානවලට රැස් ව තිබෙනවා.