චීනයේ සීමිත ආරක්ෂක වියදම ජාතික ස්වෛරීභාවය හා ලෝක සාමය ආරක්ෂා කිරීමට ගැළපෙනවා – චීනය

Published on

චීනයේ ආරක්ෂක වියදම සීමිත ව පවතින අතර එය රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභයට ගැළපෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඒ බව පැවසුවේ නිත්‍ය මාධ්‍ය හමුවට එක් වෙමින්.

මෑත වසරවලදී ‍ලෝකයේ මිලිටරි වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත්, වර්තමානයේ ආරක්ෂක අවධානම් වැඩි වෙමින්, ගෝලීය ආරක්ෂක පාලනයේදී විවිධ පාර්ශ්වයන් පොදු අභියෝගවලට මුහුණ පා ඇතැයි ඉන් පිළිබිඹු වන බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

එහෙත් චීනය සැමවිටම සාමකාමී සංවර්ධන මාවතට නොසැලී අනුගත වන බවත්, චීනයේ සීමිත ආරක්ෂක වියදම රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභය ආරක්ෂා කිරීමටත්, ලෝක සාමය පවත්වා ගැනීමටත් අවශ්‍ය වන බවත් ඔහු අවධාරණය කර තිබෙන බව සඳහන්.

චීනය සැමවිටම ආත්මාරක්ෂක උපායමාර්ගය අනුගමනය කරමින්, කිසිදු රටක් සමඟ අවි තරඟයක නිරත නොවන බව ඔහු තවදුරටත් සඳහන් කළ අතර චීනය අඛණ්ඩව ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ලෝක සාමය, ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය ප්‍රවර්ධනය කරන බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this