ඉන්දියාවේ පූනේහි පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙක් මිය ගොස් තිබෙනවා
ඒ ක්‍රීඩා කරමින් සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනුයි
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉම්රාන් පටෙල් නමැති ආරම්භක පිතිකරුවෙක්.
ඔහු පන්දුවට පහර දෙමින් සිටින අතරතුර ඔහුගේ පපුවේ සහ අත්වල වේදනාවක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට දැනුම් දීමට කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ
අනතුරුව ඔහුට විනිසුරුවරුන් පිටියෙන් ඉවත්වීමට අවසර ලබා දී ඇති අතර ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී ඔහු එක්වරම ඇදවැටී තිබෙනවා
කෙසේ වෙතත් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවටයි පැවසෙන්නේ