මන්ත්‍රිනී නිලන්තිට අපහාස කළ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට

Published on

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතාගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එය නියම කළ බව සඳහන්.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීමට ඉඩ දෙමිනුයි අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව පැමිණිල්ල ජූලි මස 17 වනදා කැඳවන ලෙසයි නියෝග කෙරුණේ.

Latest articles

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි...

More like this