වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් 19 කුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ අමරිකානු ජාතික ගුවන් සේවයට අයත්, මගී ජෙට් යානයක් හා හමුදා බ්ලැක් හොක් හෙලිකොප්ටර් යානයක් ගුවනේදී එකිනෙක ගැටී පොටෝමැක් ගඟට වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ ජෙට් යානයේ මගීන් 60 කු, නියමුවන් දෙදෙනෙකු හා කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළු 64 දෙනෙකු ගමන් කරමින් සිටි අතර හමුදා හෙලිකොප්ටර් යානයේ සොල්දාදුවන් තුන්දෙනෙකු සිටි බව සඳහන්.
අධික ශීත කාලගුණය සහිත රාත්රියක මෙම අනතුර සිදුව ඇති අතර මේ වනවිට සෝදිසි මෙහෙයුම් සඳහා 300 ක පිරිසක් යොදවා තිබෙනවා.
අනතුරට පත් ජෙට් යානයේ ස්කේටිං ක්රීඩක කීඩිකාවන් පිරිසක් හා පුහුණුකරුවන් ද සිට තිබෙන බවයි කියන්නේ.
ඔවුන් කැන්සාස් හි පැවති පුහුණු කඳවුරකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි බවයි ස්කේටිං සංගමය පවසා තිබෙන්නේ.
රුසියානු ජාතික ස්කේටං ක්රීඩකයින් හා පුහුණුකරුවන් දෙදෙනෙකුද යානයේ සිටි බව තහවුරු කර තිබෙනවා.
මගී ජෙට් යානය පිළිබඳ හෙලිකොප්ටර් යානයට ගුවන් පාලක මණ්ඩලය විසින් කළ අනතුරු ඇඟවීම් සඳහා කිසිදු ප්රතිචාරයක් නොවූ බවත්, අනතුරු ඇඟවීමෙන් තත්පර කිහිපයකට පසු යානා දෙකේ ගැටීම සිදු වු බවත් වාර්ථා වේ.