මීතොටමුල්ල කසළ කන්ද අසල, මිහිඳු මාවතේ අධිකරණ නියෝගයක් මත ඉවත් කළ නිවාසවල ජීවත් වූ ජනතාව මුහුණ පා ඇති නිවාස ගැටළුව සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණතිලක සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය , කොළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එරංග ගුණසේකර යන මහත්වරුන් අතර දෙවන වටයේ සාකච්ඡාවක් ඊයේ (29) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ දි පැවැත් වුණා.
එම සාකච්ඡාවේ දී මෙම ගැටළුව විසඳීම සඳහා සාධනීය යෝජනා ඉදිරිපත් වූ අතර, ඉදිරිපත් වූ යෝජනා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට තීරණය කර තිබෙන බවයි කියන්නේ.
ලබන 6 වෙනිදා පැවැත්වෙන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු ලැබෙන අනුමැතිය මත පදනම්ව විසඳුමක් ලබාදීමට නියමිතයි.
පසුගියදා ලද අධිකරණ නියෝගයක් මත මීතොටමුල්ල කසළ කන්ද අසල, මිහිඳු මාවතේ නිවාස ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළ බව සඳහන්.
2017 වසරේ දී එම ස්ථානයට පැමිණි එම පිරිස නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක නිවාස ඉකර තිබූ අතර, නාගරික සංවර්ධන අධිකාරිය 2023 වසරේ ගොනු කළ නඩුවකට අධිකරණ විසින් ලබාදුන් තීන්දුව මත එම නිවාස ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.