වෙළඳපොළ තුළ වී මිලදී ගැනීම තුළින් ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගනිමින් වෙළඳපළ තුළ පවතින සහල් හිඟය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට වී අලෙවි මණ්ඩලය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (29 ) සහභාගී වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙහිදී අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව සඳහන්.
අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ පසුගිය රජය සමයේ අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇති බවත්, ඒ තුළින් සහල් වෙළඳපළ ඒකාධිකාරය බිඳ දමන බවයි.
එමෙන්ම 2025 මහ කන්නයට අදාළව වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සූදානම් වී ඇති ආකාරය සහ වී අලෙවී මණ්ඩලය සතුව ඇති ගබඩා සූදානම් කර ඇති ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයාගේ අවධානයට යොමුවි තිබෙන බව සඳහන්.