77 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු අද (29) ආරම්භ වනවා.
ඒ අනුව අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දී තිබෙනවා.
මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්
A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුළු වීම.
B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුළු වීම.
C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම.
D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම.
E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළු වීම.
F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම.
G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම.
H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුළු වීම (සීමා කිරීම)
I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.
ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුළු විය හැකිය.
01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුළු විය හැකියි.
02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කළ හැකියි.
03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.
රථ ගාල් පිහිටි ස්ථාන,
➔ රූපවාහිනී සංස්ථාව අසල රථගාල (සැහැල්ලු වාහන 250)
➔ BMICH අංක 02 දොරටුව ඇතුළත රථගාල (සැහැල්ලු වාහන 350) › CR & FC රථගාල (සැහැල්ලු වාහන 250)
➔ BMICH අංක 04 දොරටුව ඇතුළත රථගාල (සැහැල්ලු වාහන 550)
➔ BMICH අංක 03 දොරටුව ඇතුළත රථ ගාල (සැහැල්ලු වාහන 150)
➔ නිදහස් මාවත ආකේඩ් රථ ගාල (සැහැල්ලු වාහන 30)
➔ ප්‍රේමකීර්ති ද අල්විස් මාවත රථගාල (සැහැල්ලු වාහන 30)
➔ ITI රථගාල (සැහැල්ලු වාහන 75)
➔ නෙළුම් පොකුණ රඟහල රථගාල (බස් රථ 75)
➔ සරණ පාර BMICH භූමිය අවට මාර්ගය (සැහැල්ලු වාහන 230 / බස් රථ 75) ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන්වලදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.
පෙරහුරු රාජකාරි හා නිදහස් දින උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ග සුපුරුදු ලෙස විවෘත කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.
එම රථවාහන සැලැස්ම පහතින්,