රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
ඒ අනුවයි ආගමන හා විගමන පාලකවරයා ඉකුත් සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
ඊට අදාළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඒ සඳහා හර්ෂ ඉලුක් පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා