කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

Published on

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

මේ සඳහා පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් යෙදවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති ) අබ්දුල් මොසෙන් ඒ අල්මුද්ලා මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

සංශෝධිත ගිවිසුමට අනුව පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිතයි.

අනතුරුව එම මුදල් කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා යෙදවීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest articles

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

වැඩ ඇරැඹු ට්‍රම්ප්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි...

දූෂණය පිටුදැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහය

මෙරට දූෂණය පිටුදැකීම සදහා පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ එක්සත්...

More like this