මෙරට දූෂණය පිටුදැකීම සදහා පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (21) දින සිදු වී තිබෙනවා.
එහිදී නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කල බව සඳහන්.
එමෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර පිළිබඳව ඒ මහතා සිය ප්‍රසාදය පළ කළ අතර එම වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා
එමෙන්ම ජාතීන් අතර සමඟිය ගොඩනැගීම ඇතුළු වැදගත් දේශපාලන හා සමාජීය කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.