ශූරයන්ගේ කුසලානය ගැන අවසන් තීරණයකට ICCය රැස්වෙයි

Published on

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව ගැන අවසන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂ රැස්වීමක් අද(29) කැඳවා තිබෙනවා.

පාකිස්ථානය තුළ තරඟ කිරීමට ඉන්දියාව අකමැති වීම මීට හේතුවයි.

Online ක්‍රමවේදය හරහා පැවැත්වීමට නියමිත මෙම අයි.සී.සී රැස්වීමේදී විකල්ප 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

එම විකල්ප තුන වන්නේ, තරගාවලියේ තරග රැසක් පාකිස්ථානයේ දී පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටක දී පැවැත්වීම. සත්කාරක අයිතිය පාකිස්ථානයෙන් ඉවත් නොකර තරගාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් රටක දී පැවැත්වීම සහ ඉන්දියාවේ සහභාගීත්වයක් නොමැතිව එම තරගාවලිය පැවැත්වීමයි.

කෙසේ වෙතත්, තෙවැනි විකල්පය තෝරා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ ඉන්දියාව නොමැති වීම තරගාවලියට සෘණාත්මක බලපෑමක් එක්කරනු ඇති බවයි.

එමෙන්ම මූල්‍ය හා වාණිජමය ලෙසද දැඩි බලපෑමකට ලක්වනු ඇති බව ද පැවසෙනවා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන මෙම ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වරට පැවැත්වූයේ 2017 වසරේ දීයි.

ඒ අනුව දීර්ඝ නිහැඬියාවකට පසු මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 19වනදා සිට මාර්තු 9වනදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

කණ්ඩායම් 8ක සහභාගිත්වනේ පැවැත්වෙන මෙය තරග 15කින් සමන්විතයි.

කෙසේ වෙතත් මේ සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...