වෘත්තිය අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

Published on

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ඉහළ නැංවීමට අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වි ඇති බව සදහන්.

මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව (TVET) තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වි තිබෙනවා.

සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළා.

ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බව සදහන්.

අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු වි තිබෙනවා.

Latest articles

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර...

වැඩ ඇරැඹු ට්‍රම්ප්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි...

More like this