මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති තත්ත්ව ආරක්ෂණය හා ප්‍රතීතනය සම්බන්ධ ස්ථාවර කමිටුව අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධාන මාර්ගෝපදේශකත්වය යටතේ රැස්වුණා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී යි.
නව සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට රැස් වූ එම කමිටුවේ සභාපති වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහභාගි වී සිටියා.
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනික පාඨමාලාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙන්ම එම අධ්‍යාපන ආයතන ද රජයේ අනෙකුත් අධ්‍යාපන ආයතන මට්ටමට සාධනීය අයුරින් ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළ ව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය එහි දී කමිටු සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.