තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

Published on

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන බවයි අමාත්‍යාවරයා පවසන්නේ.

ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාවරයා පෙන්වා දුන්නා.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රයේ නිරීක්ෂන චාරිකාවකට එක්වෙමින්.

බ්‍රිතාන්‍යය යුගයේ ඉදිකළ මෙම ටැංකි ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බවත් අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කර නල පද්ධතිය ඉදි කර නෞකාවලට තෙල් සැපයීමට ගබඩා සංකීර්ණයක් ලෙස භාවිතා කළ හැකි බවයි අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා සදහන් කළේ ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට හඳුන්වන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හඳුනාගැනීම වෙනුවෙන් අමාත්‍යංශ දෙකම එක්ව කටයුතු කරන බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this